නාමල් රාජපක්ෂට නිවසේ පිසූ ආහාර ලබා ගැනීමට අවසර – විශේෂ ආරක්ෂාවකුත් දීලා

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිවසේ පිසූ ආහාර ලබා ගැනීමට අවසර ලබා දුන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න මහතා පැවසීය.

මන්ත්‍රීවරයා වෙනුවෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබා දී ඇත.

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඔහු රඳවා සිටින වාට්ටුව වටා විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර ඇති බව කී පල්ලේතැන්න මහතා දිනකට අමුත්තන් තිදෙනෙකුට පමණක් ඔහු හමුවීමට අවසර ලබාදී ඇති බව ද කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website