යෝජිත 22 වන සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් විය හැකි බවට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා සමඟ අද (06) පැවති සාකච්ඡාවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනතුරු ඇඟවීය.
යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂයේ ස්ථාවරය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත පදනම් වූවක් බවත් පක්ෂ දේශපාලනය හෝ පෞද්ගලික අවශ්‍යතා මගින් එය බලපෑමට ලක් නොවූ බවත් ඔහු අවධාරණය කළේය.
ස්වාධීන අධිකරණයක් සහතික කිරීම සඳහා නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව ද විපක්ෂ නායකවරයා පැවසුවේය.













