සීයා රිවස් කළ කැබ් රියට යට වී  බිළිඳු දැරිය මරුට

සීයා විසින් පැදවූ කැබ් රථයකට යටවීමෙන් අවුරුදු එකහාමාරක් වයසැති කුඩා දැරියක් ජීවිතක්ෂයට පත් වූ බව කිලිනොච්චිය පොලිසිය පැවසුවේය.

නිවසේ මිදුලේ නවතා තිබූ කැබ් රථය සීයා විසින් පසුපසට ගැනීමට යාමේදී දැරිය ඒ දෙසට පැමිණ ඇති අතර එහිදී ඇය කැබ් රථයේ රෝදයට හසු වී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

කිලිනොච්චිය, උරුත්තිරපුරම්, ශිවනගර් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය වහාම කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණ ද, ඒ වන විටත් ඇය මියගොස් සිටි බව පොලිසිය සඳහන් කළේය.

මියගිය දැරියගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදීමට කටයුතු යොදා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website