තෙල්දෙණිය වික්ටෝරියා ප්‍රදේශයේ සමාජ මාධ්‍ය සාදයක් වටලයි: මත්ද්‍රව්‍ය හා මත්පැන් තොගයක් සමඟ 41ක් අත්අඩංගුවට

තෙල්දෙණිය වික්ටෝරියා ප්‍රදේශයේ සමාජ මාධ්‍ය මගින් සංවිධානය කරන ලද සාදයක් වැටලීමකදී පුද්ගලයින් 41 දෙනෙකු ඊයේ (05) අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය පැවසීය.

මෙම මෙහෙයුමේදී පිරිමින් 36 දෙනෙකු සහ කාන්තාවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.‍

සැකකරුවන් වයස අවුරුදු 21 ත් 40 ත් අතර පිරිමි සැකකරුවන් ගෙලිඔය, අලුත්වත්ත, වරකාපොල, පේරාදෙණිය, අම්පිටිය, මහනුවර සහ හඟුරන්කෙත යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. අත්අඩංගුවට ගත් කාන්තාවන් වයස අවුරුදු 22 ත් 43 ත් අතර පසුවන අතර ඔවුන් පල්ලෙකැලේ, පේරාදෙණිය, හඟුරන්කෙත, දෙහිවල සහ කටුගස්තොට යන ප්‍රදේශවල පදිංචිකාරියන්ය.

මෙම මෙහෙයුමේ දී සැකකරුවන් සතුව තිබූ ගංජා මිලිග්‍රෑම් 947ක්, හෂීස් ග්‍රෑම් 3.657 ක්, අයිස් ලෙස හඳුන්වන ස්ඵටික මෙතම්ෆෙටමින් ග්‍රෑම් 1.276 ක්, මත්ද්‍රව්‍ය පෙති 18 ක් සහ නීති විරෝධී සිගරට් 21 ක් අත්අඩංගුවට ගෙන ඇත.

මිලි ලීටර් 500 බැගින් අඩංගු බියර් කෑන් 35 ක් සහ මිලි ලීටර් 750 බැගින් අඩංගු අරක්කු බෝතල් 13ක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තෙල්දෙණිය පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

AI තාක්ෂණයෙන් නිර්මාණය කළ ඡායාරූපයකි.- සංස්කාරක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website