STF විශේෂ මෙහෙයුමක්: හෙහෙයින් කිලෝ 01.9ක් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

2026.09.05 දින අළුයම මාතර පොලිස් වසමේ වෙල්ලමුල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 09 ක් හා හෙරොයින් ග්‍රෑම් 205 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු යතුරුපැදිය ද සමඟ අත්අඩංගුවට ගෙන මාතර පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් අවුරුදු 24 හා 25 වයස්වල පසුවන මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී එක් සැකකරුවෙකු නවාතැන් ගෙන සිටි කාමරයක තිබී රිපීටර් වර්ගයේ ගිනි අවියක්, T56 ජීව පතරොම් 56, පිස්තෝල ජීව පතරොම් 47 ක් සොයාගෙන ඇත.

මාතර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website