පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
සැප්තැම්බර් 12 වන දින අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන රැලිය සඳහා සූදානම් වෙමින් සිටියදී සිදුවන මෙම අත්අඩංගුවට ගැනීම “ඉතා සැක සහිත” බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කළේය.
නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන හඬ මැඩපැවැත්වීම සහ රාජ්‍ය විරෝධී හැඟීම් වර්ධනය වීම සහ සැලසුම් කර ඇති රැලියට මහජන සහභාගීත්වය වැළැක්වීම සඳහා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව ද නිවේදනයේ සඳහන් වේ.
නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිෂම ඉදිරිපත් කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප තරයේ ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒවා පදනම් විරහිත සහ දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වූ ඒවා බව ද පැවසුවේය.
විමර්ශනයට සම්බන්ධ පුද්ගලයෙකු විසින් කලින් කරන ලද පරස්පර විරෝධී ප්‍රකාශ බව සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් විශ්වාසය තැබූ සාක්ෂිවල විශ්වසනීයත්වය ද මෙම නිවේදනයෙන් ප්‍රශ්න කර ඇත.
නාමල් රාජපක් රිමාන්ඩ් කර තිබියදීත්, සැප්තැම්බර් 12 වන දින අනුරාධපුර රැලිය සැලසුම් කළ පරිදි පවත්වන බව ද ශ්‍රී ලංකා පොදුජන පොරමුණ අවධාරණය කළේය.
පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම පුළුල් දේශපාලන ව්‍යාපාරය එහි ක්‍රියාකාරකම් දිගටම කරගෙන යාම හෝ මහජන ඉල්ලීම් මර්දනය කිරීම වළක්වන්නේ නැති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයට අනතුරු ඇඟවීය.
















