දකුණු ආසියාවේ කම්කරු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ කලාපීය වෘත්තීය සමිති හුවමාරුව දෙදින වැඩමුළුව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) කොළඹ දී ආරම්භ විය.
මේ සඳහා ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයෝ රැසක් එක්ව සිටියහ. මෙහි දී ඒ ඒ රටවල කම්කරු නීතිවල වත්මන් තත්ත්වය සහ ප්‍රතිසංස්කරණය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
අමාත්‍යවරයා මෙහි දී අදහස් දක්වමින් කියා සිටියේ මෙරට කම්කරු නීති පද්ධතිය යවත්කාලීන කිරීමේ කටයුතු වත්මන් පාලනය යටතේ කඩිනමින් සිදු වෙමින් පවතින බවයි.
















