අනුරාධපුර පොලිස් වසමේ මාන්කඩවල වැව අසල මාර්ගයේදී ඊයේ (01) තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට අනුරාධපුර පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 47 ක් වූ යාය 05, අනුරාධපුර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු හා තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් කැත්තකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අවුරුදු 31 ක් වන එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














