හඟුරන්කෙත මණ්ඩාවල ප්‍රදේශයේ දිය ඇල්ලක දිය නෑමට ගිය පුද්ගලයෙකු අතුරුදහන්

හඟුරන්කෙත පොලිස් වසමේ මණ්ඩාවල ප්‍රදේශයේ දිය ඇල්ලක දිය නෑමට ගිය පුද්ගලයෙකු ඊ‍යේ (01) දින සවස දියේ ගිලී අතුරුදන් වී ඇති බවට හඟුරන්කෙත පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අතුරුදන් වූ පුද්ගලයා අවුරුදු 25 ක් වූ සිතුල්පේ, පල්ලේබෝවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අතුරුදන් වූ පුද්ගලයා තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ දිය නාමින් සිටියදී මෙලෙස දියේ ගිලී අතුරුදන් වී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් හා නාවික හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව සෝදිසි මෙහෙයුමක් දියත්කර ඇත.

හඟුරන්කෙත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website