
සැප්තැම්බර් 03 වැනි දිනට යෙදෙන ශ්‍රී ලංකා පොලිසිියේ 160 වැනි සංවත්සර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට සංවිධානය කළ අදියර 03කිින් යුත් පොලිස් පාපැදි සවාරියේ පළමු අදියර ඊයේ (01) උදෑසන පොලිස් මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වී එදින සවස දඹුල්ල නගරයේදී අවසන් විය.
මෙහි ජයග්‍රහකයින් මෙසේය,
පළමු වන ස්ථානය – පැය 3 විනාඩි 15 තප්පර 28කින් තරඟය අවසන් කළ අංක 67 යටතේ කරඟ කළ ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩක පැතුම් වීරසිංහ .
දෙවන ස්ථානය – පැය 03 විනාඩි 15 තප්පර 34කින් තරඟය අවසන් කළ අංක 50 යටතේ තරඟ කළ ගල්කිස්ස මහනගර සභාවේ ක්‍රීඩක නියුතු චතුරංග මදුෂාන්ද සිල්වා.
තෙවන ස්ථානය – පැය 03 විනාඩි 15 තප්පර 36කින් තරඟය අවසන් කළ අංක 28 යටතේ තරඟ කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක චමොද් ද සිල්වා.
මෙම තරඟකරුවන්ට හිමි මුදල් ත්‍යාග සහ සහතික පත් පිරිනැමීම මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.
පාපැදි සවාරියේ 02වන අදියර අද (02) උදෑසන දඹුල්ල පොලිස් ස්ථානය අසලින් ආරම්භ වී අනුරාධපුරය හරහා පුත්තලම මරදන්කඩවල, තිරප්පනේ, අනුරාධපුරය, නොච්චියාගම, කලාඔය හරහා පුත්තලම නගරය දක්වා ගමන් කරමින් පවතී. (අනුමාන දුර කිලෝමීටර් 140 යි)
ෆෙයාෆස්ට් රක්ෂණ සමාගම, Ceat සමාගම, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම(IOC) , DSI සමාගම පාපැදි තරඟය පැවැත්වෙන 01,02 සහ 03 යන තෙදින පුරා අනුග්‍රහය ලබාදෙමින් මේ සඳහා ශ්‍රී ලංකා පොලිසියට සහයෝගය ලබාදේ.













