22 වැනි ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් තවත් පෙත්සමක් – මුළු පෙත්සම් සංඛ්‍යා 22ක්

විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස ඉහළ දැමීමට යෝජනා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් 22පෙත්සමත් අද (25) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

‍මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ගායන ශිල්පී ඉරාජ් වීරරත්න, සමාජ ක්‍රියාකාරීන් වන චාමර විජේසූරිය, නන්දන කුඩා මීගොඩ සහ නිලන්ත සත්සර ගමගේ, මිලින්ද රාජපක්ෂ යන අය විසිනි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත 22 වැනි ව්‍යවස්ථා සංශෝධණයේ අන්තර්ගත වගන්තිවලින් අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය වන බවයි. ඒ අනුව අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website