පේරාදෙණිය පොලිස් වසමේ කොළඹ මහනුවර මාර්ගයේ ගැටබේ ප්‍රදේශයේදී ඊයේ (24) දින උදෑසන මහනුවර දෙස සිට නාවලපිටිය දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය හරහා ගමන් කල පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා පේරාදෙණිය රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මරණකරු අවුරුදු 75 ක් වූ වෙලම්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඊයේ (24) රාත්‍රී හබරණ පොලිස් වසමේ හබරණ අනුරාධපුර මාර්ගයේ ගලපිටගල ප්‍රදේශයේදී හබරණ දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය හරහා ගමන් කල පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා හබරණ රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇත. මරණකරු අවුරුදු 61 ක් වූ පලුගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඊයේ (24) දින සවස මුල්ලේරියාව පොලිස් වසමේ කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ අඹතලේ ප්‍රදේශයේදී කොළඹ දෙස සිට කඩුවෙල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් ඉන්ධන හලක් වෙත හැරවීමේදි පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව නැගෙනහිර කොළඹ මූලික රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇත. මරණකාරිය අවුරුදු 74 ක් වූ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකාරියකි .
ඊයේ (24) දින කටුගස්තොට පොලිස් වසමේ කටුගස්තොට කුරුණෑගල මාර්ගයේ සෙනරත්ගම ප්‍රදේශයේදී කුරුණෑගල දෙසට ධාවනය වූ කැබ් රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව කටුගස්තොට රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇත. මරණකාරිය අවුරුදු 83 ක් වූ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියකි .















