මහියංගණය පොලිස් වසමේ වියානා ඇලේ දිය නෑමට ගොස් සිටි ළමයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවට 2026.08.20 දින මහියංගණය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
අතුරුදන් වූ ළමයා අවුරුදු 07 ක් වූ මාපාකඩවැව, මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම අතුරුදන් වූ ළමයා නිවසේ කිසිවෙකුට නොදන්වා වෙනත් අයෙකු සමග වියානා ඇලේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී අතුරුදන් වී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මහියංගණය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.












