නාවික,ගුවන් හමුදා කන්ඩායම් සහ තවත් ප්රබල හොකී කන්ඩායම් කිහිපයක් තරඟ වැදුණු මෙම තරඟාවලියේ මූළික වටයේදි පොලිස් කණ්ඩායම C ඛාණ්ඩයෙන් පෙරමුණ ගෙන අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අතර එහිදි REAL SIXERS කණ්ඩායම 1-0ක් වශයෙන් පරාජය කරමින් අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබා ගන්නා ලදී.
අවසන් පූර්ව තරඟයේදි පොලිස් කණ්ඩායම 2-0ක් ලෙස තරඟයේ ජය තමන් සතු කරගනිමින් ප්රබල ගුවන් හමුදා කණ්ඩායම සමඟ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගත් අතර අවසන් මහා තරඟයේදී කණ්ඩායම් නායක චාමර තොටගොඩවත්ත විසින් ලබාගත් ගෝලය සමඟ ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් තරඟාවලියේ අපරාජිතව ශුරතාවය දිනාගැනීමට පොලිස් ක්රීඩකයන් සමත් විය.
තරඟාවලිය පුරා දක්ෂ ගෝල රැකීමක නිරතවෙමින් ප්රතිවාදීන්ට කිසිදු ගෝලයක් ලබාගැනීමට ඉඩ නොදුන් පොලිස් ගෝලරකින්නා වන පොලිස් කොස්තාපල් හසිත මදුශාන් තරඟාවලියේ දක්ශතම ගෝලරකින්නා ලෙස සම්මාන දිනාගන්නා ලදී.












