බෙල්ලන්විල වෙඩි තැබීමේ සිදුවීමට අදාළ සැකකරුවන් ‍එදින රාත්‍රියේදීම අත්අඩංගුවට

2026.07.25 දින බොරලැස්ගමුව පොලිස් වසමේ බෙල්ලන්විල ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකල වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියයන ලදී.එදින රාත්‍රීයේදීම නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රණාල ප්‍රදේශයේදී ඉහත වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය සිදුකර යතුරුපැදියකින් පලායමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 600 ක් හා යතුරුපැදියද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 28 හා 37 යන වයස්වල පසුවන බකමූණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website