පාසල් ළමුන් ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථය මෝහිනී ඇල්ල අසල දී ප්‍රපාතයකට පෙරළෙයි – 02ක් මරුට

අද (22) උදෑසන 8:15ට පමණ මෙම අනතුර සිදු වී ඇත.

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදි ප්‍රපාතයට පෙරළී මෙම අනතුර සිදු වි ඇති බව පොලිසිය පැවසුවේය.

ත්‍රිරෝද රථයේ ගමන් ගත් පාසල් ළමුන් තිදෙනෙකු ද බරපතල ලෙස තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ, ත්‍රීරෝද රථයේ රියදුරා සහ ත්‍රීරෝද රථයේ ගමන් ගත් වැඩිහිටියෙකු බවත්, ත්‍රීරෝද රථය අනතුරට පත්වන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුළ පස් දෙනෙකු ගමන් කර ඇති බවත් පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website