චුන්නාකම් පොලිස් වසමේ මාණිප්පායි, සුදුමලෛ මාර්ගයේදී 2026.07.21 දින තාවඩි දෙස සිට සිදුමලෛ දෙසට ධාවනය වූ කාර් රථයක් එම දිසාවටම ගමන් ගත් පාපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.
එම අනතුරින් පාපැදියේ පැදිකාරිය බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇත. මරණකාරිය වයස අවුරුදු 52ක් වන තාවඩි ප්රදේශයේ පදිංචිකාරියකි.
අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට දින මල්ලාකම් ගරු මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.















