අද (21) දින උදෑසන හෝමාගම, කටුවාන කර්මාන්තපුරය ප්‍රදේශයේ කර්මාන්තශාලාවක් ගිනි ගැනීමේ සිද්ධියෙන් මේ වන විට පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
ඔවුන්ගේ අනන්‍යතාවය පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති අතර හොරණ නගර සභාව, කෝට්ටේ නගර සභාව, කොළඹ මහ නගර සභාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ රථ පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ.
හෝමාගම පොලිස් ස්ථානය විසින් සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදුකරයි.















