බාල වයස්කාර දරුවන්ට දුම්වැටි අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ වෙළඳසැල් හිමියන් 13කට නඩු

කිලිනොච්චිය නගර සීමාවේ පිහිටි වෙළඳසැල් මඟින් පාසල් සිසුන් සහ උපකාරක පන්ති යන බාල වයස්කාර දරුවන් ඉලක්ක කර ගනිමින් දුම්වැටි අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ වෙළඳසැල් හිමියන් 13 දෙනෙකුට එරෙහිව කිලිනොච්චිය පොලිසිය විසින් නීතිමය පියවර ගෙන තිබේ.

කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඉකුත් ජූනි 28 වනදා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් පසුව, අදාළ වෙළඳසැල් හිමියන් 13 දෙනාට එරෙහිව ඊයේ දින කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

මෙහිදී වරද පිළිගත් වෙළඳසැල් හිමියන් 11 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 20,000 බැගින් දඩ නියම කිරීමට ගරු මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය. එසේම ඊයේ දින අධිකරණය හමුවේ පෙනී නොසිටි අනෙක් වෙළඳසැල් හිමියන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ. කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website