අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස පත් කෙරේ

කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, ශාස්ත්‍රපති අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පත් කරනු ලැබ ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (02) පස්වරුවේ පිළිගන්වන ලදී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (02) වනදා සිට ක්‍රියාත්මක වන පරිදි උන්වහන්සේගේ මෙම පත්වීම සිදුකරනු ලැබ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website