මට්ටක්කුලිය ෆර්ගිවුසන් පාර ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 05 ග්‍රෑම් 140ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මට්ටක්කුලිය පොලිස් වසමේ මට්ටක්කුලිය ෆර්ගිවුසන් පාර ප්‍රදේශයේදී ඊයේ (01) කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 05 ග්‍රෑම් 140 ක්, මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 50,000/= ක මුදලක් සහ ජාවාරම සඳහා යොදාගත් ජංගම දුරකථන 02 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු අවුරුදු 40 ක් වන කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස භාර නිලධාරී ජේ.පො.අ මහේෂ් කුමාරසිංහ මහතාගේ මූලිකත්වයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මෑතකාලීනව රට තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින්, මහජනතාවගෙන් ලැබෙන තොරතුරු හා බුද්ධි තොරතුරු මත පදනම්ව මෙවැනි මත්ද්‍රව්‍ය ජාලයන් සහ ජාවාරම්කරුවන් මුළුමනින්ම මර්දනය කිරීම සඳහා වන විශේෂ මෙහෙයුම් සහ විමර්ශන ක්‍රියාවලීන් දිවයින පුරා අඛණ්ඩවම ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website