මෙම වර්ෂයේ ජූලි මස 01 වැනි දින දක්වා ඩෙංගු රෝගී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ගත වූ පැය 24 තුළ පමණක් ඩෙංගු රෝගීන් 1025 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,422ක් බව ද ජාතික ඩෙංගු මර්දන ඒකක පැවසුවේය.













