අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රියැදුරන්ට සහ මගීන්ට විශේෂ දැනුම් දීමක්

අද ( ජූනි 19) දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියළුම රථවාහනවල ගමන්ගන්නා රියදුරන් සහ මගීන් ආරක්ෂිත ආසන පටි පැලඳසිටීම අනිවාර්ය කර ඇත.

ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙල යටතේ බලාත්මකවන මෙම නීතියට මහජනතාවට අවනත වන්නේද යන්න ශ්‍රී ලංකා පොලිසියේ අධිවේගී මාර්ග කොට්ඨාසය දැඩි සුපරීක්ෂාවෙන් සිටීමට නියමිතයි.

මේ පිළිබඳ පූර්ව දැනුවන් කිරීමේ වැඩසටහනක් ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාගේ ද සහභාගීත්වයෙන් පසුගිය දා කොට්ටාව අධිවේගී මාර්ග හුවමාරු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

එහිදී අධිවේගී මාර්ගයේ ගමන් කරන ලද වාහන වල රියදුරන් සහ මගී ජනතාව වෙත අමාත්‍යංශය මගින් මුද්‍රිත “ආදරණීයයන් වෙනුවෙන් Click එකක්” තේමාව සහිත අත් අත්පත්‍රිකා ලබා දෙමින් 19 වනදා සිට ආසන පටි පැලඳීම අනිවාර්ය බවත් තමන්ගේ හා ආදරණීයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආසන ආසනපටි පැළඳ ප්‍රවේසමෙන් රිය ධාවනය කරන ලෙසත් දැනුවත් කරන ලදී.

මේ අනුව ආසන පටි නීතියට හුරු වීම සඳහා රියදුරන් සහ මගී ජනතාවට ලබාදී තිබූ මාස 3ක සහන කාලය නිමාවන අතර 2026.09.19 වෙනිදායින් පසුව ආසන පටි පැලදීමේ නීතිය කඩ කරන්නන්ට එරෙහිව දඩ මුදල් පැනවීමට නියමිතය.

දඩ මුදලේ ප්‍රමාණය රුපියල් දහසකි. නීතිමය ප්‍රතිපාදන අනුව ඉදිරියේදී වාහන හිමිකරු, රියදුරු, මගියා යන පාර්ශව ත්‍රිත්වය මෙම දඩමුදලට යටත්වේ.

සාමාන්‍ය මාර්ග වල ධාවනය වන වාහන වල රියදුරුන්ට සහ ඉදිරිපස අනෙක් ආසනයේ ගමන් ගන්නා මගියාට ආසන පටි පැලඳීම අනිවාර්ය වන අතර මේ අනුව අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියළුම වාහන වල රියදුරු සහ සියළු මගීන් ආසන පටි පැලඳිය යුතු ය.

දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා , මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු, කළමණාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් R.A.D කහටපිටිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website