වව්නියාව හොල්ලපු ‘සිඟිති පාතාලයේ’ 07ක් අත්අඩංගුවට: පහර කෑ සිසුන් දෙදෙනා රෝහලේ!

“වව්නියාව සිඟිති පාතාලය” ලෙස සදහන් කරමින් සිසුන් පිරිසක් විසින් තවත් සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝ පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ ක්‍රියාත්මක වූ ඉරට්ටපෙරියකුලම් පොලිසිය, ඊට සම්බන්ධ සැකකාර සිසුන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 14 සහ 17 වයස්වල පසුවන ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේම පදිංචිකරුවන් වේ.

මෙම අමානුෂික ප්‍රහාරයට ලක්වූ වයස අවුරුදු 15ක් වන සිසුන් දෙදෙනා මේ වන විට වව්නියාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් පිරිස අද දින (2026.06.03) වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන ජූනි 10 වන දින දක්වා කැබතිගොල්ලෑව පරිවාස නිවාසයට යොමු කිරීමට ගරු මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ඉරට්ටපෙරියකුලම් පොලිස් ස්ථානය මඟින් වැඩිදුරටත් සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website