විදේශ රැකියා පෙන්වා රු.කෝටි 92ක් වංචා කල සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතයි

විදේශ රැකියා ලබා දෙන බවට පවසා රුපියල් කෝටි 92කට අධික මුදලක් වංචාකල සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය පතමින් ශ්‍රී ලංකා පොලිසිය විසින් අද (24) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් ප්‍රකාශයට පත්කර ඇත. එම නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

රුමේනියා රටෙහි විදේශ රැකියා ලබා දෙන බවට පවසා පුද්ගලයින්ගේ මුදල් ලබා ගෙන එකී මුදල් වංචා කිරීම, විශ්වාසය කඩ කිරීම හා සාවද්‍ය පරිහරණය කල Rainbow Garments Technologies (pvt) Ltd නමින් පවත්වාගෙන ගිය පුද්ගලික ආයතනයක් සම්බන්ධව ලද පැමිණිල්ලකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශන සිදු කරමින් පවතී.

සිදු කරන ලද විමර්ශනයේදී පුද්ගලයින් 750 ක පමණ පිරිසකගෙන් රුපියල් කෝටි 92 කට අධික මුදලක් වංචා කර ඇති බවට අනාවරණය වී ඇත.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් නුගේගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර මෙම වංචාවට අදාලව එම සමාගමේ අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කල සැකකාරියකට විවෘත වරෙන්තු නිකුත් කර ඇත. මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින එම සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.

  • නම :- ෂර්ලි ජයවර්ධන අමදෝරු
  • වයස :- අවුරුදු 54
  • ලිපිනය :- අංක, 118/3, සමඟි මාවත, මාගම්මන, හෝමාගම
  • ජාතික හැදුනුම්පත් අංකය :- 716032531V

සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දීමට මහජනතාවට හැකියාව ඇත.

දුරකථන අංක –

  • ස්ථානාධිපති / මූල්‍ය අපරාධ විමර්ශන ඒකක 01 – 071 – 8594910
  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – 011 – 2444172

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website