ජාතික රණවිරු සැමරුම් දින උත්සවයට සමගාමීව විශේෂ රථවාහන සැලසුමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පාර්ලිමේන්තු ක්‍රිඩාංගණයේ රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් දින උත්සවයට සමගාමීව විශේෂ රථවාහන සැලසුමක් පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබේ.

නව රථවාහන සැලසුම අනුව අද සවස 3.30ට‌ සිට කොළඹින් පිටවීම පොල්දූව හන්දියෙන් සහ කොළඹට ඇතුළුවීම කියැහෑම් හන්දියෙන් රථ වාහන ගමනාගමනය සීමාකිරීම හා රථවාහන පහත විකල්ප මාර්ග වෙත යොමු කිරීම අවස්ථානුකූලව සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලිසිය රියැදුරන්ට උපදෙස් දී ඇත.

  • පාර්ලිමේන්තු මාර්ගය හරහා කොළඹ සිට පිටවීමට පැමිණෙන වාහන පොල්දූව හන්දියෙන් බත්තරමුල්ල, පාලන්තුන, කියැන්නෑම් හන්දිය හරහා ගමන් කිරීමට හැකියාව ඇත.
  • කියැන්නෑම් හන්දියෙන් කොළඹට ඇතුළු වන වාහන පාලම් තුන, බත්තරමුල්ල හරහා ගමන් කිරීමට හැකියාව ඇත.
  • රජමල්වත්ත දෙස සිට බෝධිරාජ මාවත ඔස්සේ පැමිණෙන වාහන බත්තරමුල්ල මාර්ගයට පැමිණ අවශ්‍ය මාර්ගය ඔස්සේ ගමන් කිරීමට හැකියාව ඇත.

බස් රථ හා ට්‍රක් රථ ගාල් කිරීම  සඳහා ජපන්මිත්‍රත්ව පාර හන්දියේ සිට කිඹුලාවල හන්දිය දක්වා ද ජපන්මිත්‍රත්ව පාර විදුලිබල මණ්ඩල අසල සිට පැලවත්ත දක්වා ද පහසුකම් සලසා ඇති බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website