අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 568ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය කර ගත් තොරතුරු මත ඊයේ (18) කඩවත පොලිස් වසමේ පහළ බියන්විල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 යි ග්‍රෑම් 568ක් සොයා ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගත් කුලී පදනම මත ලබාගත් කාර් රථයක්ද පොලිස් නිලධාරීන් භාරයට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 41ක් වන පෑලියගොඩ ප්‍ර දේශයේ පදිංචිකරුවෙකු වන අතර අද දින ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website