
පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරීවරයා ලෙස පත්වීම් ලැබූ නියෝජ්‍ය පොලිස්පති කොස්හින්නගේ රෝයි මංජුල සුමනවර්ධන මහතා පසුගිය දා පොලිස් විශේෂ කාර්ය බලකා මූළස්ථානයේදී එම තනතුරේ වැඩ බාර ගත්තේය.
1989 ඔක්තෝබර් මස 08 වන දින වයස අවුරුදු 21 දී උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්ව ඇති එම මහතා 1990 වසරේදී ස්වේච්ඡාවෙන් විශේෂ කාර්ය බළකායට එක්වී ඇත.
රාජකාරියේදී දැක්වූ දක්ෂතාවයන් මෙන්ම ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් දක්වන ලද නොසැලෙන කැපවීම සමඟින් මේ දක්වා සිය වෘත්තීය ජීවිතයේ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගැනීමට සමත් වී ඇති අතර ඒ අනුව උප පොලිස් පරීක්ෂක නිලයේ සිට 1994 වසරේදී පොලිස් පරීක්ෂක නිළයට, 2003 වසරේදී ප්‍රධාන පොලිස් පරීක්ෂක නිළයට, 2008 වසරේදී සහකාර පොලිස් අධිකාරී නිළයට, 2014 වසරේදී පොලිස් අධිකාරී සහ 2018 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිළයට උසස්වීම් ලබා 2025 ජනවාරි මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි නියෝජ්‍ය පොලිස්පති නිළයට උසස් වීම ලබා තිබේ.
2025 වසරේදී විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී (මෙහෙයුම්) ලෙසත්, ඉන් අනතුරුව නියෝජ්‍ය අණදෙන නිලධාරී (පරිපාලන) ලෙසත් ඔහු කටයුතු කර ඇත.
වසර 37කට අධික සේවා කාලයක් තුළ විවිධ අභියෝගාත්මක මෙහෙයුම් රැසක් සඳහා සහභාගී වී ලබාගත් පුළුල් මෙහෙයුම් පළපුරුද්ද, විනය, නායකත්ව හැකියාවන් මෙන්ම අණදීමේ තනතුරු රැසක් හොබවා ලබාගත් අත්දැකීම් සම්භාරය උපයෝගී කරගනිමින් නියෝජ්‍ය පොලිස්පති කොස්හින්නගේ රෝයි මංජුල සුමනවර්ධන මහතා පොලිස් විශේෂ කාර්ය බලකායට විශිෂ්ඨ නායකත්වයක් ලබා දෙනු ඇත.
















