සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නිර්මල ප්‍රසංග නොහොත් ‘බැකෝ සමන්‘ට අයත් බව කියන රුපියල් මිලියන 40කට අධික වටිනා දේපළ සහ බැංකු ගිණුම් ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අද (05) නිකුත් කර තිබේ.
එම දේපොළ අතර රුපියල් මිලියන 20ක් වටිනා අධි සුඛෝපභෝගී බෙන්ස් රථයක් පෞද්ගලික බැංකු දෙකක රුපියල් මිලියන 20ක ස්ථාවර ගිණුම් තැන්පතු දෙකක් ඊට ඇතුළත්ය.
නිමන්ති ෆොන්සේකා නමැති කාන්තාවකගේ නමින් මෙම බෙන්ස් රථය මිලදී ගෙන ඇත.
මෙම නියෝගය අද සිට වැඩ කරන දින 14ක් සඳහා බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.













