ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට (KDU) නව කුලපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ඒ. ගුණතිලක (විශ්‍රාමික) මහතා පත් කර තිබේ.

පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (5) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එයාර් චීෆ් මාර්ෂල් ගුණතිලක මහතා වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී.

එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ඒ. ගුණතිලක (විශ්‍රාමික) මහතා මීට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අණදෙන නිලධාරියා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website