ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අද (05) ප.ව 04.00ට බදුල්ල, මහනුවර, කෑගල්ල සහ මාතලේ දිස්ත්රික්කවල ප්රා.ලේ. කොට්ඨාශය කිහිපයක් සඳහා අදියර 02 (අවධානය – ඇම්බර්) නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළේය.
එම නිවේදනය අනුව නායයෑමේ අවදානම පැවතිය හැකි ප්රා.ලේ. කොට්ඨාශ වන්නේ,
- බදුල්ල දිස්ත්රික්කය – පස්සර
- මහනුවර දිස්ත්රික්කය – මිනිපේ සහ උඩුදුම්බර
- කෑගල්ල දිස්ත්රික්කය – දෙහිඔ්විට
- මාතලේ දිස්ත්රික්කය – අඹන්ගඟ කෝරළේ, මාතලේ සහ රත්තොට
මේ අතර මහ නුවර (උඩපළාත), කෑගල්ල දිස්ත්රික්කය (බුලත්කොහුපිටි සහ රඹුක්ක, රත්නපුර දිස්ත්රික්කය (වැලිගපොළ සහ ඇහැලියගොඩ) යන ප්රා.ලේ. කොට්ඨාශවලට 01 අදිරය (විමසිලිමත් – කහ) නිවේදන නිකුත් කර තිබේ.















