ශ්‍රී ලංකා පොලිසියේ සේවයේ නිරත කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ, උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් සපුරා ඇති දරුවන් වෙනුවෙන්, මාළඹේ CINEC Campus (පුද්ගලික) විශ්වවිද්‍යාලය මඟින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන Engineering and Navigation Cadet Officer උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය පසුගිය දා (20) දින සවස පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනි.
පොලිස් නිලධාරීන්ගේ දරුවන් 11 දෙනෙකු වෙත රුපියල් ලක්ෂ 310ක් වටිනා ශිෂ්‍යත්ව 11ක් මෙහිදී පිරිනමන ලදී.
මෙම වැඩසටහන පොලිස් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නීතිඥ නිල්මිනි නීටා සමරතුංග මහත්මියගේ සම්බනධීකරණය යටතේ පොලිස් සේවා වනිතා ඒ්කකය විසින් පොලිස් නිලධාරීන්ගේ දරුවන් වෙනුවෙන් සිදුකරන සුභසාධන ක්‍රියාදාමයේ තවත් එක් සුවිශේෂී වැඩපිළිවෙලක් වේ.













