වාර්ෂිකව පවත්වනු ලබන ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අද (18) දින සිට ආරම්භ කර අගෝස්තු 28 වන දින දක්වා වීථි සංචාරය කරනු ලබන අතර, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
ඒ සඳහා මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මග පෙන්වීම හා රථ වාහන ගාල් කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව මහජනතාවට අවශ්‍ය තොරතුරු පහසුවෙන් ලබාගැනීම සඳහා විශේෂ තොරතුරු කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී ඇති අතර, මෙම පද්ධතිය ඔස්සේ මහනුවර ඇසළ පෙරහර නැරඹීමට පැමිණෙන මහජනතාවට පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ පහත සඳහන් කරුණු පිළිබඳව සජීවී තොරතුරු ලබාගත හැක.
ඒ අනුව,
- රථවාහන නැවැත්වීම සඳහා වෙන් කර ඇති රථගාල් පිළිබඳ තොරතුරු
- ෙපෙරහර ගමන් ගන්නා මාර්ගයෙපෙරහර නැරඹිය හැකි සුදුසු ස්ථානසනීපාරක්ෂක පහසුකම් සලසා ගත හැකි ස්ථාන
- අතරමං වූවන් හමුවිය හැකි ස්ථාන
මෙම පද්ධතියට පිවිසීම සඳහා:
ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිස “මහනුවර ඇසළ පෙරහර” යන සබැඳිය තේරීමෙන් පද්ධතියට පිවිසිය හැකිය.
පෙරහර වෙනුවෙන් විශේෂයෙන් සකස් කර ඇති https://kandyesalaperahera.com වෙබ් අඩවිය ඔස්සේ ද අදාළ තොරතුරු ලබාගත හැකිය.
මෙම සේවාව ලබා ගැනීම තුළින් මහජනතාවට හා බැතිමතුන්ට අනවශ්‍ය ගමනාගමනයෙන් වැළකී, සැබෑ කාලීන තොරතුරු හරහා ඉක්මන් හා පහසු සේවාවක් ලබා ගනිමින් කාලය ඉතිරි කරගත හැකි වනු ඇත. එසේම ඕනෑම ස්ථානයක සිට ජංගම දුරකථනය, ටැබ් යන්ත්‍රය හෝ පරිගණකය ඔස්සේ මෙම සේවාව භුක්ති විඳීමේ පහසුව සැලසීම සහ පෙරහර සමයේදී මහජනතාවගේත්, බැතිමතුන්ගේත්, පවුලේ සාමාජිකයින්ගේත් ආරක්ෂාව හා පහසුව වෙනුවෙන් මෙම පද්ධතිය නිර්මාණය කර ඇත.
ඒ අනුව පෙරහර නැරඹීම සඳහා පැමිණීමේදී මෙම සේවාව භාවිතා කර ගමන් පහසුව සලසාගන්නා මෙන් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් හා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.












