2026.07.22 දින රාත්‍රී කාලයේදී චීන ජාතිකයින් තිදෙනෙකු කුලී පදනම මත ලබා ගත් කැබ් රථයකින් කොළඹ වරාය නගරයට පැමිණ මසුන් අල්ලමින් සිට ඇත.
පසුදින අළුයම (23) මුහුණු ආවරණය කර ගත් චීන ජාතිකයින් පිරිසක් ම ස්ථානයට පැමිණ මසුන් අල්ලමින් සිටි චීන ජාතිකයින් තිදෙනාට පහරදී ඇති අතර එම තිදෙනාගෙන් දෙදෙනෙකු එක් වෑන් රථයකටත්, අනෙක් පුද්ගලයා තවත් වෑන් රථයකටත් දමාගෙන පැහැර ගෙන ගොස් කොළඹ වරාය නගරයේ බීච් ප්ලාසා අසල රථ ගාලේ වෑන් රථය දමා ගොස් ඇත.
පසුව වෑන් සිටි චීන ජාතිකයින් දෙදෙනා වෑන් රථෙයන් බැස ෙගාස් වරාය පොලිස් ස්ථානයට පැමිණ සිදුවීම සම්බන්ධව පැමිණිල්ලක් කර ඇත. ඒ අනුව විමර්ශන ආරම්භ කළ වරාය පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුවීම සිදුවූ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී දමා ගොස් තිබූ වෑන් රථයේ තිබී පතුරම් ගැබක් සහිත වායු පිස්තෝලයක් සහ ගමන් කථනයක් සොයා ගන්නා ලදී.
තව ද වරාය නගරයේ පිටවීමේ දොරටුව අසල රැදී සිටි තවත් චීන ජාතිකයින් දෙදෙනෙකුගෙන් පොලිස් නිලධාරීන් විසින් ප්‍රන කිරීමේදී ඔවුන් වරාය නගරයේ රාජකාරි කරන බවට පොලිස් නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත. ඒ අනුව පොලිස් නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍ර වල ඡායා රූප ලබා ගෙන ඔවුන් සම්බන්ධයෙන් වරාය නගරයේ පෝත් හාබර් ආයතනයෙන් විමසා ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ එවැනි පුද්ගලයන් දෙදෙනෙකු වරාය නගරයේ රාජකාරි නොකරන බවයි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ ගුවන්තොටුපළ ඒකකය දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
2026.07.23 දින දහවල් ඉහත පුද්ගලයින් දෙදෙනා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් විදෙස් ගතවීමට සූදානම් වූ අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් විසින් සැකපිට ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සදහා කොළඹ වරාය පොලිස් ස්ථානයට බාරදී ඇත.
අනතුරුව එම සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකල ප්‍රන කිරීමේදී ඔවුන් දෙදෙනා මෙම අපරාධයට සෘජුවම සම්බන්ධ බවට කරුණු අනාවරණය වී තිබේ.
මේ අතර ඇහැලියගොඩ කරදන පොලිස් මුරපොලෙහි නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026.07.23 දින ගැටහැත්ත ප්‍රදේශයේ වැටලීම් රාජකාරි නිරතව සිටියදී ගරාවැටී ඇති නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේ කාමරයක් තුළ පුද්ගලයකුගේ මෘත ශරීරයක් කබොක්ගල්වලින් වසා තිබෙනවා දැක ඒ සම්බන්ධව ඇහැලියගොඩ පොලිස් ස්ථානය දැනුවත් කර ඇත.
ඒ අනුව ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේදී එය චීන ජාතිකයකුගේ සිරුරක් බවට නිරීක්ෂණය වීමෙන් අවිස්සාවේල්ල අධිකරණයට මේ සම්බන්ධව කරුණු වාර්තා කර ඇත. අවිස්සාවේල්ල ගරු මහේස්ත්‍රාත්තුමා විසින් අපරාධ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා අවිස්සාවේල්ල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත නියෝග ලබා දී ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සදහා මෘත ශරීරය මේ වන විට අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම මෘත ශරීරය කොළඹ වරාය නගරයෙන් පැහැර ගත් පුද්ගලයාගේ මෘත ශරීරය බවයි.
ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකල විමර්ශනයේදී ඇහැලියගොඩ නුග දණ්ඩ කෝවිල අසල දමා ගොස් තිබූ පියස් වර්ගයේ කාර් රථයක්ද සොයා ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලිස් ස්ථානය සහ ඇහැලියගොඩ පොලිස් ස්ථානය මගින් තවදුරටත් ක්‍රියාත්මකයි.















