නල්ලතන්නියේ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ ත්රීරෝද රථයක් නල්ලතන්නිය මස්කෙළිය ප්රධාන මාර්ගයේ මෝහිනී ඇල්ල අසලදී ප්රපාතයට පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව නල්ලතන්නිය පොලිසිය පැවසුවේය.
අද (22) උදෑසන 8:15ට පමණ මෙම අනතුර සිදු වී ඇත.
අධික වේගයෙන් ධාවනය වූ ත්රීරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදි ප්රපාතයට පෙරළී මෙම අනතුර සිදු වි ඇති බව පොලිසිය පැවසුවේය.
ත්රිරෝද රථයේ ගමන් ගත් පාසල් ළමුන් තිදෙනෙකු ද බරපතල ලෙස තුවාල ලබා මස්කෙළිය ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ, ත්රීරෝද රථයේ රියදුරා සහ ත්රීරෝද රථයේ ගමන් ගත් වැඩිහිටියෙකු බවත්, ත්රීරෝද රථය අනතුරට පත්වන අවස්ථාවේ ත්රීරෝද රථය තුළ පස් දෙනෙකු ගමන් කර ඇති බවත් පොලීසිය පැවසීය.















