කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ පාර්ක් වීදිය අසලදී රුපියල් ලක්ෂ 270ක් කාර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ඔවුන් ගමන් ගත් වෑන් රථය ද සමඟ අත්අඩංගුවට කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී මෙම මුදල් උපයා ගත් ආකාරය පිළිබඳව නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැත. එබැවින් මෙම මුදල් සංවිධානාත්මක අපරාධ කටයුත්තකින්, මත්ද්‍රව්‍ය ජාවාරමකින්, අවි ආයුධ ගනුදෙනුවකින් හෝ වෙනත් නීති විරෝධී කටයුත්තකින් උපයා ගන්නා ලද මුදල්ද යන්න සම්බන්ධව කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ උපදෙස් අනුව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 59ක් සහ 54ක් වන සංඝමිත්තා මාවත සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අද (22) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
















