වාහන ආනයන අධිභාරය යළි දීර්ඝ කිරීමට එරෙහිව Advocata අනතුරු අඟවයි

තෝරාගත් වාහන ආනයන සඳහා පනවා ඇති තාවකාලික 50% අධිභාරය ත දුරටත් දීර්ඝ නොකළ යුතු බව Advocata ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු පැවසීය.

රජය යම්කිසි ආකාරයකින් මෙම තාවකාලික අධිභාරය යළි දීර්ඝ කිරීමට පියවර ගැනීම තුළින් වෙළඳපොළේ අවිනිශ්චිතතාවයක් ඇති විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

ආනයන බදු සඳහා හදිසි වෙනස්කම් පැනවූ විට සහ ඉවත් කළ විට වෙළඳපළ විකෘති කිරීම් ඇති කළ හැකි බව ඔහු පැවසුවේය.

“එවැනි අධිභාර හරහා වාහන ආනයනය සීමා කිරීම හොඳ ප්‍රවේශයක් නොවන බව අපගේ අදහසයි, මන්ද එය වෙළඳපොලේ සැලකිය යුතු සංකූලතා ඇති කළ හැකිය්,” ධනනාත් අවධාරණය කළේය.

මාස තුනක කාලය අවසානයේ අධිභාරය ඉවත් කිරීම “වෙළඳපොළ කම්පනයක්” සහ L/C විවෘත කිරීම් වල හදිසි වැඩිවීමක් ඇති කළ හැකි බවත්, එමඟින් වෙළඳපොළ අස්ථාවර විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ඇති කරගත් ගිවිසුම යටතේ, වත්මන් පියවර කල් ඉකුත් වූ පසු රජයට තවත් අධිභාරයක් හදිසියේම පැනවීමට නොහැකි වනු ඇති බව ද ඔහු සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website