පළාත් සභා මැතිවරණයට වෙන්කළ මුදල් දිට්වා ආපදා සහන සඳහා යොදාගෙන නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (10) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය.
දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සහ හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පරිත්‍යාගශීලින් විසින් ලබා දී ඇති සියලුම මූල්‍ය ආධාර මේ වන විට නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන විශේෂ ගිණුමක සුරක්ෂිතව තැන්පත් කර ඇති බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
ජාතික ප්‍රමුඛතා සහ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් හඳුනාගනු ලබන ව්‍යාපෘති සඳහා විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමතාවයෙන් යුතුව මෙම අරමුදල් යොදා ගැනීමට නියමිත බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.













