කෑගල්ල පොලිස් වසමේ කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ කිලෝ මීටර් 84 – 85 කණු අතර ප්රදේශයේදී වැලිමඩ සිට කොළඹ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයේ දකුණු මංතීරුවට බරව ධාවනය කිරීමේදී ඊට ප්රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්රීරෝද රථ 02ක, යතුරු පැදියක, වෑන් රථ 02 ක සහ ලොරි රථයක ගැටී අද (22) දින දහවල් අනතුරක් සිදුව ඇත.
මෙම අනතුරින් එක් ත්රීරෝද රථයක පසුපස අසුනේ ගමන් ගත් කාන්තාවක් බරපතල තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති අතර තවත් 11 දෙනෙකු තුවාල ලබා මේ වන විට කෑගල්ල රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබයි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කෑගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
















