විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්  හේමචන්ද්‍ර තෙදින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව යයි

​විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා තෙදින නිල සංචාරයක් සඳහා චීනයේ කුන්මින් (Kunming) නුවර බලා පිටත්ව ගියේය. මෙම සංචාරය සිදුවන්නේ යුන්නාන් ප්‍රදේශයේ ආණ්ඩුකාර සහ සංවිධායක කමිටුවේ සභාපති වන්ග් යුබෝ (H.E. Wang Yubo) මහතාගේ විශේෂ ආරාධනයකට අනුවය. 

ජූනි 13 වන දින දක්වා ක්‍රියාත්මක වන මෙම නිල සංචාරයේදී අමාත්‍යතුමා, චීනයේ පැවැත්වෙන “10 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය” (10th China-South Asia Exposition) සහ ඒ හා සමගාමීව පැවැත්වෙන “7 වන චීන-දකුණු ආසියානු සහයෝගිතා සංසදය” (7th China South Asia Cooperation Forum) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වේ.

​”පොදු සංවර්ධනය උදෙසා සහයෝගීතාව සහ සම්බන්ධීකරණය” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවලදී ශ්‍රී ලංකාවේ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය ඉදිරියට ගෙනයෑම, වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි සෘජුවම අවධානය යොමු කෙරෙන අතර, සංචාරය අතරතුර දෙරටට වැදගත් වන ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද නියෝජ්‍ය අමාත්‍යතුමා එක්වීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website