අධිවේගී මාර්ගයේ ආසන පටි රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා රියදුරන් සහ මගීන් 9,000කට ආසන්න පිරිසකට දඩ නියම කර ඇති බව අධිවේගී මාර්ග පොලිසිය පවසයි.
ආසන පටි නීතියට දැඩි ලෙස අනුකූල වීම සහතික කිරීම සඳහා සියලුම පිවිසුම් සහ පිටවීමේ ස්ථානවල පරීක්ෂණ සිදු කරන බව ද පොලිසිය පැවසීය.
අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම වාහනවල රියදුරන් සහ මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය බවත් මහජන ආරක්ෂාව සඳහා නීති දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් ද නිකුත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.













