අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සිව් දෙනෙකු අත්අඩංගුවට

අකුරේගොඩ දී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරි ඝාතනයට භාවිතා කළ ගිනි අවි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොල්ගස්ඕවිට දිලානම් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය පවසයි. 28 හැවිරිදි සැකකරු පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කී පොලිසි සැකකරුවන් අතර එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ද සිටින බව පැවසුවේය.

ඝාතකයින්ට රැකවරණය සැලසීම, ගිනි අවි ප්‍රවාහනය කිරීම සහ මත්ද්‍රව්‍ය සැපයීම යන චෝදනා සම්බන්ධයෙන් මෙම සිවු දෙනා අත්අඩංගුවට ගත් බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website