
පසුගිය 2026.02.13 දින තලංගම පොලිස් වසමේදී නීතිඥවරයෙක් හා එම නීතිඥවරයාගේ බිරිඳ කාර් රථයක් තුළ වෙඩි තබා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකරන විමර්ශනයේදී ලැබී ඇති තොරතුරු අනුව පහත රූප විස්තර සහිත සැකකරුවෙකු සම්බන්ධව අනාවරණය වී ඇත.
සැකකරුගේ ස්වරූපය
- උස :-අඩි 05 අගල් 05 ක් පමණ වේ.
- වයස අවුරුදු :- 44 පමණ වේ.
- ශරීර වර්ණය :- කළු, ඇස් කහ පැහැයට හුරු බොර පැහැයකි යුක්ත වේ.
- විශේෂ ලක්ෂණ :- දකුණු පස කම්මුලට පහළින් මුහුනේ කැපුම් තුවාල කැළලක් ඇත.
මේ අනුව සැකකරුගේ වර්තමාන ස්වරූපය දැක්විය හැකි ඡායාරූප කිහිපයක් AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කර ඔබ වෙත ඉදිරපත්කර ඇත. ඡායාරූප හොදින් නිරීක්ෂණය කර සැකකරුවෙකු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත නොපමාව දැනුම් දෙන්න.
දුරකතන අංක –
- නියෝජ්‍ය පොලිස්පති / බස්නාහිර පළාත උතුර – 071 8598008
- කොට්ඨාස භාර නිලධාරී / නුගේගොඩ – 071 8591641
- අධ්යක්ෂ / බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය – 071 8592279













