වෙස්ට්මිනිස්ටර් ක්‍රමවේදය තුළ ප්‍රතිපත්ති සම්පාදනය ක්‍රියාත්මක වන විට Green paper සහ White paper සම්ප්‍රදාය හරහා විධිමත් සාකච්ඡාමය ක්‍රමවේදයක් තුළ ක්‍රියාත්මක වුවත් වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ එවැනි දෙයක් නොතිබු අතර පැවතියේ පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
වර්තමානයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ අර්බුධකාරී තත්ත්වයක් මතු වුණේ මෙම හේතුව නිසා බව ද විපක්ෂ නායකවරයා කීවේය.
අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ සිදු වු අඩුපාඩු සාක්ෂි සාධක සහිතව විපක්ෂ නායකවරයා රජයට පෙන්වා දුන්නේය.
සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය තුළ නූතන ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් පවතින බවත් එය භෞතික හා මානව සම්පත් හිඟතාවයකින් තොරව ක්‍රියාත්මක වන්නක් වුවත් වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ දැවැන්ත සම්පත් හිගතාවයක් පවතින අවස්ථාවක බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
එබැවින් මෙකී සම්පත් හිඟතාව මගහරවා ගැනීමට ද අප කටයුතු කළ යුතු බව මෙහි දි විපක්ෂ නායක සජිත් පෙන්වා දුන්නේය.















