තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහම්බයක් නොව එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ඇති බල ප්‍රවණතාවයක ප්‍රතිඵලයක් බව අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.
කාන්තාවන්ට විශ්වාසයෙන් යුතුව නායකත්වය දිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ආයතනික සහ බලය බෙදන ව්‍යුහයන්හි පරිවර්තනයක් සිදු කළ යුතු බව ද අග්‍රමාත්‍යවරිය වැඩි දුරටත් පෙන්වා දුන්නාය.
2026 ලෝක කාන්තා ඩාවෝස් න්‍යාය පත්‍රයට /World Woman Davos Agenda 2026සහභාගී වෙමින් අග්‍රමාත්‍යවරිය ඊයේ (21) මේ බව පැවසුවාය.
















