නකල්ස් කඳුකරයේ වාඩියක සඟවාගෙන 15 හැවිරිදි දැරියක් අපහරණය කිරීමේ සිද්ධිය: සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

2026 නොවැම්බර් 12 දින උඩදුම්බර පොලිස් වසමට අයත් නකල්ස් කඳු පන්තියේ බටහිර දෙසට වන්නට පිහිටි මීමුරේ කරඹකැටිය, දම්ඹඩේ ප්‍රදේශයේ කුඩා වාඩියක රඳවා සිටියදී, නීතිවිරෝධී ලෙස අපහරණය කරන ලද වයස අවුරුදු 15 යි මාස 5ක් වන දැරියක් සහ ඇය ප්‍රසූත කළ මාස 02ක කුඩා දරුවෙක් පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිසියට ලද රහසිගත තොරතුරක් මත, නිලධාරීන් කණ්ඩායමක් විසින් දුෂ්කර නකල්ස් කඳු පන්තිය තරණය කර සිදු කරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදී මෙම ස්ථානය වටලා ඇත. එහිදී මෙම සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු එම වාඩිය තුළම සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 සහ 31 වයසේ පසුවන වන නුගෙතැන්න බටහිර, හුන්නස්ගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් දෙදෙනා 2026 නොවැම්බර් 13 වන දින තෙල්දෙණිය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, 2026 නොවැම්බර් 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අපහරණයට ලක්වූ වින්දිත දැරිය සහ ඇයගේ මාස 02ක් වන බිළිඳිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සහ වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වන විට තෙල්දෙණිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

උඩදුම්බර පොලිස් ස්ථානය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website