නෙදර්ලන්තයේ ව්‍යාජ රැකියා අවස්ථා පොරොන්දු වෙමින් ඇතැම් පාර්ශ්වයන් විසින් පුද්ගලයින් නොමඟ යවන බවට තොරතුරු ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ අවධානයට යොමු වී ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නෙදර්ලන්ත තානාපති කාර්යාලය පවසයි.
එම මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

මාධ්‍ය ප්‍රකාශය
නෙදර්ලන්තයේ ව්‍යාජ රැකියා අවස්ථා පොරොන්දු වෙමින් ඇතැම් පාර්ශ්වයන් විසින් පුද්ගලයින් නොමඟ යවන බවට තොරතුරු අපගේ අවධානයට යොමු වී ඇත. සමහරු දැනටමත් එවැනි ජාවාරම්වල ගොදුරු බවට පත්ව ඇති බව ද අපට වැටහී තිබේ. නෙදර්ලන්ත ආගමන සේවාවේ යැයි හැඟවෙන අයුරින් සැකසූ ව්‍යාජ ලිපි ද ඒ අතර සංසරණය වෙමින් පවතී.
සෑම ආකාරයකම රැකියා සඳහා නෙදර්ලන්තය රැකියා වීසා නිකුත් නොකරයි. සුවිශේෂී අවස්ථාවන්හිදී පමණක්, උදාහරණයක් ලෙස උසස් නිපුණතා සහිත උසස් තාක්ෂණ රැකියා සඳහා පමණක් සැබෑ රැකියා අවස්ථා තිබිය හැකිය. සෙසු සියල්ලම ව්‍යාජ විය හැකිය.
නෙදර්ලන්ත රාජධානියේ තානාපති කාර්යාලය, නෙදර්ලන්තයේ රැකියා සඳහා කිසිදු බඳවා ගැනීමක් සඳහා පහසුකම් සපයන්නේ නැත. විවිධ පාර්ශවයන් විසින් ලබාදෙන රැකියා අවස්ථා පිළිබඳව, කිසිදු ආකාරයක මූල්‍යමය බැඳීමක් ඇති කර ගැනීමට පෙර අදාල සේවායෝජකයින් වෙතින් සෘජුවම පරීක්ෂා කරන ලෙසත්, එවැනි ජාවාරම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් වහාම අවශ්‍ය නීති සහය ලබාගන්නා ලෙසත් අපි මහජනතාවට දැනුම් දෙන්නෙමු.















