කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු ඊයේ (05) රාත්‍රියේ මිරිහාන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

තවත් එක් සැකකරුවෙකු එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 ක ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට පත්වී තිබේ.

මෙම සැකකරුවන්ට ජාවාරම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයින් සහ මෙම සැකකරුවන් සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාලය අනාවරණය කරගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website