නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටී’ ගේ බාල සහෝදරයා ඊයේ (01) රාත්‍රී 8.10ට පමණ අහුංගල්ල වැලිකන්ද ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර ඇති බව අහුංගල්ල පොලිසිය පැවසුවේය.
මියගිය පුද්ගලයා 35 හැවිරිදි ලන්තුවාහන්දි සුගත් නුවන් කුමාර ද සිල්වා ලෙස හඳුනා ගෙන ඇත.
වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව මිය ගිය බව ද පොලිසිය සඳහන් කළේය.
ඝාතනය සඳහා 9mm පිස්තෝලයක් භාවිතා කර ඇති බව ද පොලිසිය පැවසුවේය.
වෙඩි තැබීම සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.















