ජාත්‍යන්තර පොලිස් සංගමයේ සමාජ සංස්කෘතික කොමිසම විසින් ලොව පුරා එම සංගමයේ සාමාජික පොලිස් නිලධරයන්ගේ වයස අවුරුදු 6 ත් 12 ත් අතර දරුවන් වෙනුවෙන් සංවිධානය කළ 2024 – සිව්වන ළමා චිත්‍ර තරඟයේ මෙරට ජයග්‍රහණ වෙනුවෙන් ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සවස පොලිස් මූලස්ථානයේදී පැවැත් වුණේය.
ජාත්‍යන්තර පොලිස් සංගමයේ මෙරට ශාඛාව විසින් මෙදිනට යෙදුනු ලෝක ළමා දිනයට සමගාමීව මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර චිත්‍ර තරඟයෙන් ජයග්‍රහණය ලැබූ සිසු සිසුවියන් 06 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක්කර තිබේ.
පළමු ස්ථානය දිනාගත් දරුවෙකුට සහ දෙවන ස්ථානය ජයග්‍රහණය කළ දරුවන් දෙනෙකුට මෙහිදී යුරෝ 50ක වටිනාකමින් යුත් ත්‍යාගයක් බැගින් ජාත්‍යන්තර පොලිස් සංගමයේ සමාජ සංස්කෘතික කොමිසම විසින් ජාත්‍යන්තර පොලිස් සංගමයේ මෙරට ශාඛාව වෙත ලබාදී තිබුණේය. එම මුදල් මෙන්ම ජයග්‍රාහකයින් සියළු දෙනා සඳහා හිමි විශේෂ ඇගයුම් සහතිකපත් පොලිස්පතිතුමා සහ ජ්‍යෙෂ්ඨ නියෝජනය පොලිස්පති (පරිපාලන) සංජීව ධර්මරත්න මහතා විසින් මෙහිදී ජයග්‍රාහක දරුවන්ට පිරිනමන ලදී.
එමෙන්ම ජ්‍යාතන්තර පොලිස් සංගමයේ සාමාජික පොලිස් නිලධාරීන්ගේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 38 දෙනෙකු උදෙසා එක් දරුවෙකුට රුපියල් 15,000 බැගින් වූ ත්‍යාග පැකේජ පිරිනැමීමට ජ්‍යාතන්තර පොලිස් සංගමයේ මෙරට මහ ලේකම් ලෙස කටයුතු කරනු ලබන කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනේත්‍රා සෙනෙවිරත්න මහත්මිය කටයුතු සංවිධානය කර තිබුනි.















